හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

සැප් 19, 2020

    සියඹලාණ්ඩුව ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත ප්‍රධාන පෙලේ සැකකරුවන් දෙදෙනෙක් හෙරොයින් ද සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් තුන්සියයක් සහ හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් දෙසිය හැටක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    මෙම සැකකරුවන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙලේ සැකකරුවන් දෙදෙනක් වන අතර ඔවුන් දැඩිලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවද පොලිසිය පැවසීය.

    සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සියඹලාණ්ඩුව පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

     

    Latest News