වැල්ලම්පිටියේ දී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් යුවල රඳවා ප්‍රශ්න කිරීමට අවසර

සැප් 12, 2020

    වැල්ලම්පිටිය,වෙන්නවත්ත රණශූර මාවතේ දී හෙරොයින් ග්‍රෑම් 100 මිලි ග්‍රෑම් 983ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය ඊයේ (11) අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    අනතුරුව දින 6ක රැඳවුම් නියෝග ලබාගෙන සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    පසුගිය දා (10) උදෑසන 9.15ට පමණ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.

    Last modified on සෙනසුරාදා, 12 සැප්තැම්බර් 2020 12:31

    Latest News