වේරගොඩැල්ල කළුපාලම අසළින් රු.ලක්ෂ 4කට අධික හෙරොයින්

පෙබ 28, 2021

    සේදවත්ත, වේරගොඩැල්ල කලූපාලම අසළ ප්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 40යි මිලිග‍්‍රෑම් 737ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස සොයාගත් හෙරොයින්වල වටිනාකම ලක්ෂ 4කට අධිකයි.ඔහු සිරිමුතු උයන මහල්නිවාසවල පදිංචිකරුවෙක්.

    තේ කොළ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවකට සේවකයින් සපයන අයෙක් වන අතර ඔහු එම සේවකයින්ටද හෙරොයින් අලෙවි කර තිබේ. සැකකරු කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

    සැකකරුගෙන් රදවාගෙන ප‍්‍රශ්න කෙරෙන අතර ග‍්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.

    Latest News