හෙරොයින් පැකට් 15ක් කේක් ගෙඩියක් තුළ

ඔක් 02, 2020

    හෙරොයින් පැකට් 15ක් කේක් ගෙඩියක් තුළ සූක්ෂම ලෙස සඟවාගෙන රැගෙන යමින් සිටි පුද්ගලයෙකු මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

    මල්වතු හිරිපිටිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබේ. ඒවායේ බර 2g ක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරු හෙරොයින් භාවිතයට තදින් අබ්බැහිවූ අයෙකු බව පොලිසිය සඳහන් කරන අතර ඔහු ප්‍රදේශය තුළ මත්කුඩු බෙදාහැරීමට මෙවැනි සූක්ෂම ක්‍රම උපයෝගී කරගන්නා බවට තොරතුරු ලැබී තිබේ. සැකකරු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News