ඌරගස්මංහන්දියෙන් හෙරොයින් සමග සැකකරුවෙක් අල්ලයි

සැප් 14, 2020

    හෙරොයින් මිලිග්‍රෑම් 5527ක් සමග සැකකරුවෙක් ඊයේ ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණ.

    ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, ඌරගස්මංහන්දිය,කුඹුරුතුඩුව වත්ත ප්‍රදේශයේදී. මෙම සැකකරු මීට පෙර ද හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලබා දෙවසරක සිර දඩුවමකට යටත්ව සිටි අයෙක් බව පරීක්ෂණවල දී හෙළිව තිබේ.

    හෙරොයින් ග්‍රෑම් එකක් විශාල මුදලකට අලෙවි කරන බවයි,මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී තිබෙන්නේ. සැකකරු අද ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News