සියලු ප්‍රජාවට ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා..ජනපති

නොවැ 26, 2019

    සියලු ප්‍රජාවට ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් විය හැකි පරිසරයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. විවේචනය කරනු වෙනුවට රටේ සංවර්ධනයට දායක වන ලෙස දෙමළ ඩයස්පෝරාවට තමන් ආරාධනය කරන බවයි, ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.

    ඉන්දීය ප්‍රකට මාධ්‍යවේදී නිතින් ඒ ගෝක්ලේ මහතා සමග සිය පළමු අන්තර්ජාතික මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේය.

    නිතින් ඒ ගෝක්ලෝ.... (ඉන්දීය මාධ්‍යවේදී)

    ඔබතුමා පැහැදිලිව සඳහන් කළ දෙමළ හා මුස්ලිම් ජනතාව තමාට ඡන්දය ලබා දුන්නොත් හොඳයි කියලා. කෙසේ වෙතත්, ඔබ දැන් ජනාධිපති ලෙස තේරීපත්ව තිබෙනවා. ඒ වගේම ඔබ දැන් මුළු රටේම ජනාධිපති. සංහිඳියා ක්‍රියාවලිය ඔබ ඉදිරියට රැගෙන යන්නේ කෙසේද?

    ජනාධිපතිතුමා...

    මම විශ්වාස කරනවා සංවර්ධනය තමයි පිළිතුර. පසුගිය වසර කිහිපය තුළ දෙමළ දේශපාලන හා සිංහල නායකයන් කතා කළ දේවල් ප්‍රායෝගික නැහැ. එය කළ නොහැකි. එය මිනිසුන් මුලා කිරීමට පමණයි. අපි පළමුව අවධානය යොමු කළ යුත්තේ අපට පළමුව කරන්න පුළුවන් කුමක්ද යන්න. ඔබ දන්නවා සෑම කෙනෙකුටම හොඳ අවස්ථාවක් ලබා දෙන්න ඕන රට තුළ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ජීවත් විය හැකි. හොඳ අධ්‍යාපනයක්. උසස් ජීවිතයක්. යහපත් රැකියාවක් හා ගෞරවයෙන් ජීවත්විය හැකි තත්වයක්. මම එවැනි පරිසරයක් නිර්මාණය කරනවා.

    නිතින් ඒ ගෝක්ලේ (ඉන්දීය මාධ්‍යවේදී)

    බොහෝ බටහිර මාධ්‍යවල ඔබව අර්ථ දක්වන්නේ ඒකාධිපති හෝ වාර්ගික සිංහල නායකයෙකු ලෙසයි. මුස්ලිම්වරුන් ද ඔබ බලයට පැමිණීම පිළිබඳ බිය වුණා. මුස්ලිම්වරුන්ට කොහොමද ඔබ සහතිකයක් දෙන්නේ..

    ජනාධිපතිතුමා...

    මම හිතනවා එම වැරදි චිත්‍රය නිර්මාණය කරනු ලැබුවේ යුද්ධය පැවති කාලයේ. මම වසර 20ක් යුද හමුදාවේ සිටින බව ඇත්ත. ත්‍රස්තවාදයට එරෙහිව හමුදා නිලධාරියෙකු ලෙස මම සටන් කළා. හමුදාවෙන් විශ්‍රාම ගොස් වසර 12ක් මෙම ජීවත් වුණේ අමෙරිකාවේ. යළිත් මම ලංකාවට පැමිණියේ ආරක්ෂක ලේකම්වරයා ලෙස. මිනිසුන් මාව හඳුනාගත්තේ මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙසයි. මම විනයගරුක පුද්ගලයෙක්. එමගින් අර්ථවත් වන්නේ නැහැ තවත් ප්‍රජාවකට විරුද්ධයි කියලා. මගේ ක්‍රියාවලින් මම ඔප්පු කරල තියෙනවා මම ජාතිවාදියෙක් නොවන බව. සමාජයේ එක් කොටසකට පමණක් මම සේවය කරන්නේ නැහැ. ඒ නිසා තමයි මම දෙමළ හා මුස්ලිම් හා සියලු දෙනාට ආරාධනා කරන්නේ රට සංවර්ධනය කිරීමට මා හා අත්වැල් බැඳ ගන්නා ලෙස. විවේචනය කරනු වෙනුවට මම දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරනවා සියලු දේව්ල අමතක කර රට සංවර්ධනය කිරීමට එක්ව වැඩකරමු කියලා. මෙරට උපන් සෑම කෙනෙකුම ශ්‍රී ලාංකික පුරවැසියෙක්. ඔවුන්ට සම අයිතිවාසිකම් තියෙනවා. ඔවුන් යථාර්ථය තේරුම්ගත යුතුයි.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 12:49

    Latest News