ජනාධිපති ගෝඨාභය කෝට්ටේ රජමහා විහාරස්ථානය වෙත පැමිණ ආශිර්වාද ලබාගනී (වීඩියෝ)

දෙසැ 07, 2019

    ධාර්මික, ගුණ යහපත් සමාජයක් රට තුළ ගොඩනැගීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියෝ පවසති.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (07) පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියෝ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර එහිදී විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

    ජනාධිපතිතුමා පතමින් ආගමික වතාවත්වල නිරත උනා අනතුරුව විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    බියක්, සැකක් නොමැතිව රටේ ජීවත්වීමේ භාග්‍යය උදා වනු දැකීම සැමගේ අපේක්ෂාව බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

    අප්‍රමාදීව ක්‍රියා කිරීමේ වැදගත්කම පහදා දුන් උන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව ප්‍රකාශ කළහ.

    ඉන් අනතුරුව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ බැහැ දුටුවේය.
    එහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්පොල පියනන්ද හිමියෝ අනුශාසනා සිදු කළහ.

    වැඩම කර සිටී මහා සංඝරත්නය ජය පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිතුමාට සෙත් පැතූහ.
    මෙම අවස්ථාවට බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරුන් හා මහාචාර්ය ජී.එල්. පීරිස්, අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 22:53

    Latest News