ජනපති අද ඉන්දියාවට

නොවැ 28, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා අද (28) දහවල් ඉන්දියාව බලාපිටත් වේ.

    ජනාධිපති රාජපක්ෂ මහතාගේ චාරිකාවේ දි ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා හමුවන අතර, ඉන්දීය අග‍්‍රාමාත්‍යතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වේ. ජනාධිපතිතුමා සෙසු ඉන්දීය ප‍්‍රභූවරුන් ද මුණ ගැසෙනු ඇති.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු නිරතවන ප‍්‍රථම විදේශචාරිකාව මෙයයි. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත්ආටිගල, ජනාධිපතිතුමාගේ උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද චාරිකාවට එක්වෙති.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 07:56

    Latest News