මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රී කොළඹ වරායට සේන්දු වුණා.

එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව සිදු කෙරෙන පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම මේ වන විට රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් ආරම්භ කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

යල කන්නය සඳහා යූරිය පොහොර බෙදාහැරීම මේ වන විට සියයට 98 කින් අවසන් බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ණය යෝජනා ක්‍රමයක් යටතේ ලබාදෙන ලද යූරියා පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ ගොවිජනතාවට බෙදා හැරීම සිදු කෙරේ.

යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය තුළ මෙරටට ළඟා වීමට නියමිතයි. එම පොහොර මහ කන්නයේ වගා කටයුතු ආරම්භ‍යේදීම ගොවීන්ට ලබා දීමටයි, සැලසුම් කර ඇත්තේ.

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ පොහොර තොගයක් බෙදාහැරීමට මේ වන විට ආරම්භ කර තිබෙනවා.

යුරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් පොහොර නෞකාව මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත බෙදාහැරීමට සැලසුම් කර තිබේ.

ඉදිරි යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05 ක් වගා කරන්න අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර, දිලීරනාශක හා පලිබෝධනාශක හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බවත් ගොවීන් කිසිසේත් ඒ ගැන අනියත බියක් තබා ගත යුතු නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසයි.

"සෞභාග්‍යා" නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ දිවයින පුරා ගොවි ජනතාව තම වගා කටයුතු ඉතා සාර්ථකව පවත්වාගෙන යනවා.

Latest News