රජය විසින් 2024 මහ කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 279.4 ක මුදලක් ලබාදීමට අද සිට පියවර ගෙන තිබෙනවා.
දිස්ත්රික්ක 11 ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇති බව කෘෂිකර්ම අමාත්යංශය පවසනවා.
2024 යල කන්නය සඳහා සීමා සහිත ලංකා පොහොර සමාගම සහ සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් ද පොහොර ආනයනය කර, පුද්ගලික අංශ සමග තරගකාරී ලෙස ගොවීන් වෙත සහනදායී මිලකට පොහොර අලෙවි කිරීමේ යෝජනාව, අමාත්ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර අද (09) සිට බෙදාහැරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ජපානයේ ආධාර යටතේ මෙට්‍රික් ටොන් 8500ක යුරියා පොහොර නැවක් ඊයේ (05) රාත්‍රී කොළඹ වරායට පැමිණියා.

බණ්ඩි පොහොර හෙවත්, MOP පොහොර කිලෝග්‍රෑම් 50 මිටියක් හෙට සිට රුපියල් දහසකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

‍‍මේ වසරේ යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්රිතක් ටොන් 25,000 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

තමන්ට ලබාදෙන පොහොර මිටිවල නියමිත බර ප්‍රමාණයට පොහොර නොමැති බවට, ගොවීන් චෝදනා කරනවා.

බංඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000 කට ආසන්න ප්‍රමාණයක් රැගත් නෞකාවක්, දෙසැම්බර් 2 වැනි දින කොළඹ වරායට පැමිණීමට නියමිතයි.

ලෝක බැංකු ආධාර යටතේ, මෙරටට ලබාදුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක් රැගත් ‍කොළඹ වරායට පැමිණි දෙවැනි නෞකාවෙන් පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

Latest News