යූරියා රට පුරා

නොවැ 06, 2022

    සියලු දිස්ත්‍රික්කවලට පළමු මුරය සඳහා අවශ්‍ය යුරියා පොහොර සියලුම ප්‍රමාණයන් මේ වනවිටත් දිවයින පුරා පිහිටි 566ක් වන ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

    සාමාන්‍යයෙන් වී වගාවේ දී යුරියා පොහොර යොදනු ලබන්ටන් වාර තුනකදීය.වී වපුරා හෝ ගොයම් සිටුවා දින 14ක් තුළ පළමු මුරය ද, සති 04කින් දෙවන මුරය ද , දින 40-42ක් අතර තුන්වන මුරය ද වශයෙන් පොහොර යෙදීම කළ යුතුය.

    මෙවර මහකන්නයේ දී වී වගාව සඳහා අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අවශ්‍ය යුරියා පොහොර සම්පූර්ණ ප්‍රමාණයම එකවර සැපයීමට තීරණය ඇතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඒ අනුව නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුන හැර අනෙකුත් දිස්ත්‍රික්ක සියල්ලටම දෙවන හා තුන්වන පොහොර මුර සඳහා අවශ්‍ය යුරියා පොහොර සමග MOP හෙවත් මඩ පොහොර ද එකවර ලබා දීමට කටයුතු යොදා තිබේ.

    2023 වර්ෂයේ දී යුරෝපය ඇතුළු සමස්ත ලෝකයේම දැඩි ආහාර නිෂ්පාදන පහළ යාමේ තත්ත්වය හමුවේ ආහාර අහේණියක් ඇති වීමේ අවදානමක් ඇති බැවින් වගා කළ හැකි සියලුම ඉඩම් මෙම මාස් කන්නයේ දී වගා කිරීමට පියවර ගන්නැයි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උපදෙස් දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

    Latest News