පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් ඉදිරි දෙසතියේ මෙරටට

ජූලි 19, 2022

    යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය තුළ මෙරටට ළඟා වීමට නියමිතයි. එම පොහොර මහ කන්නයේ වගා කටයුතු ආරම්භ‍යේදීම ගොවීන්ට ලබා දීමටයි, සැලසුම් කර ඇත්තේ.

    මෙවර යල කන්නයේ සිට යූරියා පොහොර ලබා දීමට ගත් තීරණයත් සමග අන් කිසිඳු යල කන්නයකට වඩා වැඩි කුඹුරු ප්‍රමාණයක් මෙවර වගා කර ඇතැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා. 2022/2023 මහ කන්නයට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් ‍එක් ලක්ෂ 50,000 ක් මිලදී ගැනීමට ලෝක බැංකුව ඩොලර් කෝටි 11ක් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා. ඒ සමගම අදාළ ප්රරසම්පාදන කටයුතු ආරම්භ කර ඇති බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ. 

    ‍‍ඉන්දීය රජයෙන් මෙරටට ලබා දුන් යූරියා පොහොර තොග බෙදා හැරීම සාර්ථකව සිදු කෙ‍රෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද පොහොර බෙදා හැරීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මකයි.

    අනුරාධපුර - ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් නොච්චියාගම - ගොවිජන සේවා මධ්යකස්ථානය හරහා පොහොර බෙදා දීම සිදු කෙරුණා. තමන්ට රසායනික පොහොර ලබා දීම පිළිබඳව ගොවි ජනතාව රජයට සිය ස්තූතිය පළ කළේය. 

     

    Latest News