මහ කන්නයේ වී සහ සෙසු භෝග සඳහා නොමිලයේ පොහොර ලබා දීම දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබේ.
රසායනික පොහොර අවභාවිතය නිසා දේශීය ගොවියාත්, පාරිභෝගික ජනතාවත් බරපතල සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇතිබවත් ඒ සඳහා තිරසාර විසඳුමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ප්‍රකාශ කළේය.
මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
පසුගිය ආණ්ඩුව පොහොර සමාගම්වලට රුපියල් බිලියන 23ක් ණය වී ඇති බව පොහොර හිඟයක් ඇතිවීමට එය දැඩි ලෙස බලපෑ බවත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙරවරුවේ වීරකැටියේ පැවති උත්සවයක් අමතමින්.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ඉතා රහසිගතව තහනම් වල්නාශක ගෙනවිත් ගොවීන්ට තොග පිටින් අලෙවිකරණ ජාවාරමක් අනාවරණය කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්ව තිබේ.
බලංගොඩ ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැද්දීම සාර්ථකව ක්‍රියාත්මකයි.
පසුගිය කාලයේ ඉන්ධන සහ පෙහොර මිල ඉහළ යාම හේතුවෙන් වෙනත් වගාවන්ට යොමුව සිටි ගොවීන් මේ වනවිට යළි වී ගොවිතැන වෙත ප්‍රවේශ වෙමින් සිටී.