යූරිය පොහොර තොගයක් දිවයිනට

ඔක් 27, 2022

    මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රී කොළඹ වරායට සේන්දු වුණා.

    යූරියා පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් රැගත් දෙවැනි නෞකාව ලබන මස අවසන් සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිතයි.

    ලෝක බැංකුව මෙවර මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 110 ක ණය මුදලක් ලබාදීමට පියවර ගත්තා. 

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ, මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීමට ඉදිරිපත් කළ පළමු ටෙන්ඩරය අනුව, මෙම පොහොර තොගය ගෙන්වීමට පියවර ගත් බවයි. 

    මහ කන්නයේ වී වගාව තවමත් රට පුරා ආරම්භ වී නැතත්, වී පවුරා දින 14 ක් තුළ යෙදියයුතු පළමු යූරියා පොහොර යෙදුම සඳහා අවශ්‍ය පොහොර තොග මේ වන විටත් දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.  ඊයේ රාත්‍රී ගෙන්වා ඇති යූරියා පොහොර ගෙඩාබෑම හා බෙදාහැරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ඔක්තෝබර් 2022 09:40

    Latest News