යල කන්නයට යූරිය පොහොර බෙදීම මේ වන විට 98% කින් අවසන්

අගෝ 15, 2022

    යල කන්නය සඳහා යූරිය පොහොර බෙදාහැරීම මේ වන විට සියයට 98 කින් අවසන් බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

    පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් කිරීමට ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

    ඉතිරි සියයට 2 ක පමණ පොහොර ප්‍රමාණය ද මෙම සතිය තුළ බෙදාහැර අවසන් කරන බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. යල කන්නය සඳහා ගොවීන් වෙත බෙදාහැර ඇති යූරියා පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි,  අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් දී ඇත්තේ. යූරියා පොහොර ගොවීන් වෙත බෙදාහැරීමේදී පවතින අඩුලුහුඬුකම්, දුර්වලතා මෙන්ම, අක්‍රමිකතාවන් සිදුව ඇත්නම්, ඒවා ඉදිරි මාස්කන්නයේ පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලියේදී නිවැරදි කර ගැනීමත්, අක්‍රමිකතා සිදුව ඇත්නම්, ඊට සම්බන්ධ නිලධාරීන් හා වෙනත් වගකිව යුක්තන් සම්බන්ධව නීතිමය පියවර ගැනීමත් එහි අරමුණ බවයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. කෙසේ වුවද, මෙම පූර්ණ විගණන ක්‍රියාවලිය පොහොර බෙදාහැරීම් කටයුතු අවසන් කළ වහාම අරඹන ලෙසද, අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දෙනවා.

    Latest News