අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බව කියන කාබනික පොහොර අඩංගු චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව එම නෞකාව විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

හරිත කෘෂිකර්මාන්තය නැවත ඇති කිරීම උදෙසා රසායනික දිලීර නාශක හා වල් නාශක ආනයනය තහනම් කිරීමට අප්‍රේල් මස 26 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන බවත්, අද සිට පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර විකිණීමේ අවස්ථාව හිමිවන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

උතුරු පළාතේ අක්කර ලක්ෂ 3ක් කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමට සැලසුම් කර තිබේ.

2018 සහ 2019 වසරවල පොහොර ආනයනය විශාල වශයෙන් සිදු කිරීම නිසා මෙම කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය තිබෙන බවත්, මෙම කන්නයේ පොහොර හිඟයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) ප්‍රකාශ කළේය.

කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

කැළණිය, ගෝනවල පිහිටි ජෛව ජනනන හරිත තාක්‍ෂණ පර්යේෂණායතනයේ ජෛව විද්‍යාත්මක පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

වී සදහා පොහොර සහනාධාරය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මහ කන්නයේ වී සහ සෙසු භෝග සඳහා නොමිලයේ පොහොර ලබා දීම දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබේ.

රසායනික පොහොර අවභාවිතය නිසා දේශීය ගොවියාත්, පාරිභෝගික ජනතාවත් බරපතල සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇතිබවත් ඒ සඳහා තිරසාර විසඳුමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ප්‍රකාශ කළේය.

Latest News