යූරියා ටොන් 22000ක් සමග 2වන නෞකාව අද කොළඹට.

නොවැ 13, 2022

    යූරියා පොහොර මෙට්‍රික් ‍ටොන් විසි දෙදහසක් රැගත් දෙවැනි නෞකාව අද කොළඹ වරායට පැමිණියා.

    මහ කන්නයේ වී සහ බඩ ඉරිඟු වගාවට අවශ්‍ය යූරියා මිලදී ගැනීමට ලෝක බැංකුව ලබාදුන් ප්‍රතිපාදන යටතේ මෙරටට පැමිණි දෙවැනි නෞකාව මෙයයි.

    එහි පොහොර ගොඩබෑම අද සිට ආරම්භ කරන ලෙස, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර සමාගම්වලට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව පොහොර ගොඩබෑම රාත්‍රී 8.00 ආරම්භ කරන බවයි, කොමර් ෂල් පොහොර සමා‍ගමේ සභාපති ජගත් පෙරේරා මහතා පවසන්නේ.

    Last modified on ඉරිදා, 13 නොවැම්බර් 2022 19:16

    Latest News