හිටපු ජනාධිපතිවරයෙකු වන තමන්ව ජනාධිපති කොමිසමක් වෙත කැදවීමට හැකිවූයේ ජනාධිපතිවරයෙකු සතුව පැවති මුක්තිය 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ තමන් විසින්ම ඉවත් කරගත් නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා දෙවන වරටත් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි බවත් පාස්කු ප්‍රහාරය ඊට කළු පැල්ලමක් වූ නිසා තමන් සහ පොලිස්පතිවරයා දොළපිදේනි ලෙස දී සාහසික ලෙස ප්‍රහාරයේ වරදකරුවන් කළ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ අටවැනි වරටත් ප්‍රකාශ කළා.

මෙරට පුද්ගලයින් අයි එස් සංවිධානයට සම්බන්ධවීම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය පිලිබඳ එවකට පැවති ආණ්ඩුව අවධානය යොමු කළේ නම්, පාස්කු ප්‍රහාරය මෙන්ම ආණ්ඩු බලය අහිමිවීම සහ එක්සත් ජාතික පක්‍ෂය විනාශවීම ද වළක්වා ගත හැකිව තිබූ බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ කියා සිටියේය.

සහරාන් හෂීම්ට නිදහසේ මෙරට තුළ ක්‍රියාත්මක වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නොසැලිකිලිමත් ක්‍රියාකලාපයන් හේතු වු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසමන් හමුවේ අද පිළිගත්තා.

පෙර දැනුවත් කිරීම් කර තිබියදි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකිවීමේ වරදකරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ අද ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට කොමිසමේ සභාපති විනිසුරුවරයා දැඩි ලෙස අවවාද කර තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ තමා ජාතික බුද්ධි ප්‍රධානියා වුව ද ඒ වනවිට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂව සිටි නිලන්ත ජයවර්ධන මහතා තමාගේ කිසිදු අවස්ථාවක උපදෙස් නොගත් බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ කටුවාපිටිය දේවස්ථානයට පැමිණි බෝම්බකරුගේ බිරිඳ මරණයට පත්ව නැතැයි හෙළිවේ.

මද්‍රසා පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා මෙරටට පැමිණෙන විදේශිකයින් නියාමනය කිරීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යාමේදී හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සමස්ත ලංකා ජමීයතුල් උලමා සංවිධානයේ පිිරිසක් සමඟ පැමිණ ආරක්‍ෂක ලේකම් හමුවේ සිය විරෝධය දැක්වූ බව, අද අනාවරණය විය.

Latest News