අලුත්ගම දර්ගා නගරයේ 2014 වසරේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයට සමගාමීව නැගෙනහිර පළාත තුළ ද එවැනි තත්වයක් ඇති කිරීමට සහරාන් හෂීම් ම්‍රමුඛ අන්තවාදීන් පිරිසක් සැලසුම් කර තිබූ බව, පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ දී ඊයේ අනාවරණ විය.

ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බකරු ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රී දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසට පැමිණ දෙමාපියන්ට ලබාදීම සඳහා හඬපට දෙකක් පටිගත කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ ඊයේ හෙළිදරව් කෙරිණ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට හැකියාව ඇති බවට තමන් විශ්වාස කරන බව, එම ප්‍රහාරයේ වින්දිතයන් පවසයි.

වනාතවිල්ලුව, කාරතිව්‌ අරාබි පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට අවි පුහුණුවක්‌ ලබා දී ඇති බවට හෙළි වීමත්‌ සමග අපරාධ පර්ක්ෂණ දෙපාර්තමේන්තුව නව මුහුණුවරකින්‌ පරීක්ෂණ අරඹා තිබේ.

පාස්කු ඉරුදින ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 13 වන දා තෙක් යලි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

පාස්කු ඉරුදින ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 28 වන දා තෙක් යලි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය නිකුත් කළ අනතුරු ඇඟවීමේ ලිපිය අප්‍රේල් 21 වැනිදාට පෙර දිනයකදී පොලිසියට ලද බවට ලේඛණ ගත කරන ලෙස එවකට කොළඹ උතුර බාර පොලිස් අධිකාරිවරයා උපදෙස් ලබාදුන් බවට දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

පාස්කු බෝම්බ ප්‍රහාරය අයිඑස්අයිඑස් බෝම්බ ප්‍රහාරයක් බවට ප්‍රචාරය කළ බවට සැකකරන තවුහිද් ජමාත් ප්‍රබල සාමාජිකයෙකු ඔක්තෝබර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරේ.

මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම්ගේ DNA පරීක්ෂාවක් සිදු කිරීමට අධිකරණය නියෝග කර ඇත.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බය පුපුරුවා හැරි මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් ඉන්සාෆ් අහමඩ්ගේ මවගේ රුධිර සාම්පල යොදාගෙන DNA පරීක්ෂාව සිදු කරන ලෙස අධිකරණය නියෝග කරයි.

Latest News