පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා.

පාස්කු ඉරු දින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් විසින් තමන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු නිෂ්ප්‍රභ කොට තමන්ව සියලු චෝදනාවලින් මුදාහරින කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 9 වන දා කැඳවන ලෙස කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද යළි කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව මාර්තු මස 03 වන දා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ හත්වන දිනටත් විභාගයට ගත්තා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද 06 වන දිනටත් කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි දීම සඳහා ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වත්මන් පොලිස්පති සී. සී.ඩී වික්‍රමරත්න මහතා වෙත සිතාසි නිකුත් කර තිබෙනවා.

පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියේ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙයි.

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද චෝදනා පත්‍ර භාර දූන්නා

Latest News