සහරාන් හෂිම්ගේ සොහොයුරු රිල්වාන්ට පුපුරණ ද්‍රව්‍ය සපයා ඇත්තේ රාසික් රාසා නැමැත්තෙකු බවට හෙළි වී තිබේ.

අන්තවාදී දේශනවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතිඥ වරයෙකු නඩු පවරයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ සිසුන් පිරිසක් සඳහා පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම්ගේ අනුදැනුම මත මුලධර්මවාදී හා අන්තවාදී දේශන පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ මහමොළකරුවන් ලෙස නවුෆර් මව්ලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයින් හඳුනාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

පාස්කු ඉරුදින ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් තමන්ට සිදු වූ ශාරීරික හා මානසික හානිය වෙනුවෙන් වන්දි කර දෙන ලෙස ඉල්ලා එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් හා තුවාල ලැබූවන් විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ මේ වන විට නඩු 27 තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙනු ලැබීය.

පාස්කු ප්‍රහාරයට හා අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ තවත් සිව් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

අන්තවාදී මත පැතිරවීම සහ ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (25) පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා ලබන 30 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

Latest News