ඇඳිරිනීතිය කාලයේ රජයේ විශේෂ දැනුම් දීමක්

අප්‍රේ 16, 2020

    රජය ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළේ, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි. ඇඳිරිනීතිය පැනවීම නිසා ඇති වන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි, රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    භාණ්ඩ මිලදී ගැනීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසත් රජය අවධාරණය කරයි.

    අත්‍යවශ්‍ය සේවා හැර, වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂව පවත්වාගෙන යාම පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව, නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 11:37

    Latest News