දිස්ත්‍රික්ක කීපයකට හෙට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

අප්‍රේ 15, 2020

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) උදෑසන 6.00ට ඉවත් කිරීමට නියමිතයි.

    හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය පැනවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයේ දැක්වෙන්නේ.

    ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ භාණ්ඩ මිල දී ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    අත්‍යාවශ්‍ය ‍සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍යය අංශය සඳහන් කරයි.

    Last modified on බදාදා, 15 අප්‍රේල් 2020 08:42

    Latest News