හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 04 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා.

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඇතුළු පිරිසකගේ  විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද අළුයම විදේශගතවීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණීමේදී එල්ලවූ විරෝධතාවක් හේතුවෙන් ආපසු ගොස් තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව එක්වන විශේෂ මාධ්‍ය හමුවක් මේ අවස්ථාවේ පැවැත්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් මල්වාන නඩුවෙන් නිදොස්කොට නිදහස් කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගම්පහ,මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවසටද ප්‍රහාරයක් එල්ල වී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් මැයි මස 12 වනදා කරුණු දක්වන ලෙස දන්වා එහි පළමුවන වග උත්තරකරු ලෙස නම් කර සිටින අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත අභියාචනාධිකරණය යළි නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන මස 07 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

Latest News