සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විවෘත කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා‍ ලෙස උපදෙස් ලබා දී තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේය.

ඉහළ තාක්ෂණයෙන්‌ යුත්‌ මහා පරමාණ කිරිගොවිපොල 10 ක්‌ ආරම්භ කරන බව, රජය පවසනවා.

2020 මහ මැතිවරණයේ දී ජනතාව ලබා දුන් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත දැවැන්ත ජන වරම මෙරට ආර්ථික සංවර්ධනය සඳහා යොදාගත යුතුව ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ පැවසීය.

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සෞඛ්‍යය හේතූන් මත විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද අවසර දුන්නේය.

ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී .අයි. පයිප්ප බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ජනවාරි මස 20 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම අරමුදලේ රුපියල් මිලියන 2991 ක් නිවාස ආධාර වශයෙන් ලබා දීමෙන් රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණ චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නඩුවේ විභාගය නොවැම්බර් 07 තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය නොවැම්බර් මස 28 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණය දින නියම කළේය.

Latest News