රටින් පිටවීමට පැමිණි බැසිල් නැවත හැරීයයි (වීඩියෝ)

ජූලි 12, 2022
  • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද අළුයම විදේශගතවීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණීමේදී එල්ලවූ විරෝධතාවක් හේතුවෙන් ආපසු ගොස් තිබේ.

    විරෝධය එල්ල කර ඇත්තේ ආගමන විගමන නිලධාරීන් සහ ගුවන් මගීන් විසින්.

    අද අළුයම 2.00 ට පමණ EK 649 ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යාමට බැසිල් රාජපක්‍ෂ මහතා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණ තිබේ.  සේද මාවත පර්යන්තය ඔස්සේ පිටව යෑමට උත්සහ දැරීමේදී ආගමන විගම නිලධාරීන් විරෝධය පළ කර තිබේ.

    අනතුරුව එම පර්යන්තයේ සේවයේ නිරත ආගමන සහ විගමන නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කර ඇත. 

    ඒ් අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට දිවයිනෙන් පිටත්වීමට නොහැකි වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 12 ජූලි 2022 11:31

    Latest News