මල්වාන නඩුවෙන් බැසිල් රාජපක්ෂ හා තිරු නඩේෂන් නිදොස් කොට නිදහස්

ජූනි 03, 2022

    පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් මල්වාන නඩුවෙන් නිදොස්කොට නිදහස් කර තිබේ.

    ගම්පහ මහාධිකරණය විසින් අද එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මේ බව ප්‍රකාශ කළේය.

    දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබිණ.

    Last modified on සිකුරාදා, 03 ජූනි 2022 15:17

    Latest News