කොල්ලුපිටිය හෝටලයක දී ණය කාඩ්පත් මුද්‍රණය කිරීමට යොදාගන්නා යන්ත්‍රයක්, මුද්‍රණය කිරීමට භාවිත කරන හිස් කාඩ්පත් 5ක් හා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සමඟ චීන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

නෝටන්බ්‍රිජ්,කිරිවන්එළිය,ටැප්ලෝගම ප්‍රදේශයේ ගල් පර්වතයක් කඩා නිධානයක් ගැනීමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඩෙල්ෆ්, කුවින්තවාඩි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණිමට උත්සහ කළ ශ්‍රීලාංකිකයන් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගැනිණ.

බලපත්‍ර නොමැතිව රිවෝලවර් වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ සවස කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සාමාන්‍ය ජනතාවගේ ගෘහස්ථ අංකවලට ඇමතුම් ලබාදී ඔවුන් බිය වද්දා, ලබාගත් කප්පම් මුදල් බැංකු ගිණුම්වලට හා ඊෂි කෑෂ් මගින් ලබාගැනීම සම්බන්ධව පුද්ගලයන් දෙදෙනකු ඊයේ සවස අත්අඩංගුවට ගැනුණා.

අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ඇතුළු සැකකරුවන් අට දෙනෙකු

දින 7ක් රැඳවුම් නියෝග ලබා විමර්ශනය කරමින් සිටි සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු අනූව, ගාල්ල,කොස්ගොඩ ප්‍රදේශයේ එම සැකකරුගේ නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 500කට වැඩි ප්‍රමාණයක් ඊයේ සොයා ගැනිණ.

සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල සහ අවට ප්‍රදේශවලට ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදාහරින පුද්ගලයන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා දඹුල්ල පොලිසියට අවසර ලබාදී තිබේ.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.77 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඇසක් ආබාධිත හිටපු යුද හමුදා සෙබළෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

Latest News