ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සමාජිකයන් ලෙස කටයුතු කල සහ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් ( JMI ) සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයන් ලෙස කටයුතු කළ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.120 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක වීසා මගින් ශ්‍රමිකයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යොමුකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කච්චතිව් දූපත ආශ්‍රිතව සහ උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම් වලදි බිඩී කොළ කිලෝග්‍රෑම් 50 ක් සොයා නාවික හමුදා අත්අඩංගුවට ගැනිණ. මෙම බීඩිකොළ පාර්සල් දූපතේ දකුණු වෙරළ තීරණයට ගොඩ ගසා තිබේ.
බුත්තල නගරයේ දී සිදු කල වැටලීමක දී සිම් කාඩ්පත් අලෙවි කරන මුවාවෙන් පවත්වාගෙන ගිය හෙරොයින් ජාවාරමක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා බීමත් රියදුරන්ගේ 6136ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.
බස්රථවල ගමන්ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි සොරා ගන්නා සැකකරුවෙක් මැණික් ගල් හා චෙක්පතක් සමග සැවෝයි සිනමාහල අසළ දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 46 හැවිරිදි පානදුර පදිංචි වීසෘ හැන්නදිගේ ඉන්දික ජෙරාඩ් සංජීව ප්‍රනාන්දු යන අයෙක්.
විදේශවල සිට ආනයනය කර මෙරට බහලුම් තුළ රඳවා තිබෙන රෝහල් අපද්‍රව්‍ය ඇතුළු කැලිකසල වෙනත් ස්ථාන වලට රැගෙන යාමට හෝ බැහැර කිරීමට අවසර නොදෙන බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
කසළ තේ කිලේ 1,500ක් බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (24) නාවික හමුදා බාරයට ගැනිණ.