update-ප්‍රභූ වෙස්ගත් ප්‍රහාරකරු ඇතුළු 4දෙනා ලබන 22දක්වා රිමාන්ඩ්

ජූලි 20, 2019

    update- නිට්ටඹුව, කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය අත්අඩංගුවට ගත් සිව් දෙනා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    ප්‍රභූ වෙස්ගත් ප්‍රහාරකරු අත්අඩංගුවට - (12:55)

    කොළඹ - නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් විසින් මඟ හරස්කර වෑන් රථයකට පහරදෙනු ලැබූ සිද්ධියට අදාළව මාකස් පීටර් රුවන් ප්‍රසන්න නමැති සැකකරු අද (20) උදෑසන 11.00ට පමණ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනිණ.

    පිරිස ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය ඊයේ රාත්‍රී (19) සොයා ගැනිණ. ඒ මහරගම,ඇල්හේන පාරේ නිවසක තිබියදී. පහරදීම සම්බන්ධ දෙදෙනෙකු ද කොළඹ අපරාධ කොට්ඨාසයට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රාඩෝ වර්ගයේ සුදු පැහැති ජීප් රථයක හා ඩිෆෙන්ඩර් රථයක ගමන් ගත් පිරිසක්, වෑන් රථයකට පහරදෙන දර්ශන සමාජ මාධ්‍යවල ප්‍රචාරය කර තිබිණ. වෑන් රථයේ රියදුරු ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභූ රථ ලෙස අඟවමින් වේගයෙන් පැමිණි තම වෑන් රථය අවහිර වන ලෙස නවතා මෙම පහරදීම සිදුකළ බවයි. එම පිරිස ප්‍රභූ ආරක්ෂක ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටින අයුරු දක්නට ලැබිණ. සුදු පැහැති ප්‍රාඩෝ රථය ඩබ්ලිව්.පී.සී.ඒ.ජී.0550 වන අතර ඩිෆෙන්ඩර් රථයේ අංකය ඩබ්ලිව්.පී.සී.ඒ.ඩී.8850 බවට හඳුනාගෙන තිබේ.

    ...................................... (19:30)

    කොළඹ-නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් විසින් වෑන් රථයකට පහර දෙනු ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.

    ප්‍රාඩෝ වර්ගයේ සුදු පැහැති ජීප් රථයක සහ ඩිෆෙන්ඩර් රථයක ගමන් ගත් පිරිසක්, වෑන් රථයකට පහර දෙන දර්ශන සමාජ මාධ්‍යවල ප්‍රචාරය කර තිබිණ. වෑන් රථයේ රියදුරා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභූ රථ ලෙස අඟවමින් වේගයෙන් පැමිණ තම වෑන් රථය අවහිර වන ලෙස නවතා මෙම පහරදීම සිදු කළ බවයි. එම පිරිස ප්‍රභූ ආරක්‍ෂක ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටින අයුරු දක්නට ලැබිණ. සුදු පැහැති ප්‍රාඩෝ රථය ඩබ්ලිව්.පී.සීඒ.ජී. 0550 වන අතර, ඩිෆෙන්ඩර් රථයේ අංකය ඩබ්ලිව්.පී.සී.ඒ.ඩී. 8850 බවට හඳුනාගෙන තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 20:01

    Latest News