නීතියට උඩින් ගෙනආ දුම්වැටි රේගු දැලේ

ජූලි 15, 2019

    නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනආ දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහුගේ ගමන් මලුවල වර්ග දෙකක දුම්වැටි 27,720 සඟවා තිබූ අතර ඩුබායිහි නිෂ්පාදිත ඒවා වෙයි. වටිනාකම රුපියල් 13,86,000 ක්. සැකකරු කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

    ඔහු ඊයේ සවස 6.30 ට පමණ කටුනායකට පැමිණ ඇත්තේ, ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ EK- 652 දරන ගුවන් යානයෙන්. ගුවන් තොටුපොළ රේගුව මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News