update- සූදු සෙල්ලම අල්ලන්න ගිය පොලීසියට පහරදුන් සැකකරුට මාංචු

ජූලි 17, 2019

    දොඩංගොඩ,බෝම්ඹුවල, තිත්තවැල්ගොඩැල්ල ප්‍රදේශයේ දී මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊයේ රාත්‍රී (16) පොලිස් නිලධාරීන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල් රියදුරෙක් ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි තිත්තවැල්ගොඩැල්ල, බෝම්බුවල පදිංචිකරුවෙක්. ඔහු අද දින (17) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දොඩංගොඩ පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

    පෝ දා සූදු පොලක් වටලයි; පොලිසියට ප්‍රහාරයක්(2019.07.16)

    කළුතර දොඩංගොඩ බොම්ඹුවල තිත්තවැල්ගොඩැල්ල ප්‍රදේශයේ අද(16) දහවල් කළ වැටලීමකදී පොලිසියට ප්‍රහාරයක් එල්ල වේ.

    මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට කළ වැටලීමේදී එම පිරිස පලාගොස් ඇත. ඉන්පසු එම ස්ථානයේ නවතා තිබූ යතුරු පැදියක් පොලිසිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ. එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පිරිසක් ඊට විරෝධය පා පොලිස් නිලධාරීන්ට පහර දීමක් සිදු කර ඇත. එම පහර දීම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල් රියදුරෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබේ.

    සිද්ධිය සම්බන්ධදයෙන් දොඩංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on බදාදා, 17 ජූලි 2019 07:33

    Latest News