පළු ළිඳකින් ජීව පතුරම් තොගයක්

ජූලි 15, 2019

    නවගත්තේගම -තම්මැන්නාවැටිය ප්‍රදේශයේ ඉඩමක පාළු ළිදක් තුළ තිබී හිස් සහ ජීව පතුරම් තොගයක් සොයාගෙන තිබේ.

    ඒ අනූව RPG ගිනි අවි සඳහා භාවිතට ගැනෙන මිලි මීටර් 60 වර්ගයේ ජීව උණ්ඩ 01 ක් සහ ටී.56 වර්ගයේ හිස් උණ්ඩ කොපු 9960 ක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

    RPG ජීව උණ්ඩය පුත්තලම විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් පුපුරවා හැර තිබේ. පරණ යකඩ එකතු කරන කිසියම් අයෙකු විසින් මෙම උණ්ඩ ගෙනවිත් දමන්නට ඇති බවයි, විශ්වාස කෙරෙන්නේ. නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

    Latest News