තැපෑලෙන් පැමිණි කෝටියකට අධික මත්පෙති මාට්ටු

ජූලි 10, 2019

    තැපැල් මගින් මෙරටට ලැබුණ මත් පෙති 2952ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒවායේ වටිනාකම රුපියල් එක්කෝටි හතළිස් හත් ලක්ෂ හැට දහසකට අධිකයි.  ගල්කිස්ස ප්‍රදේශයේ 25 හැවිරිදි අයෙකු ගුවන් මගින් ලැබුණ මෙම පාර්සලය ලබාගැනීමට අද මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ තිබේ. එහි දී එම පාර්සලය රේගු අංශයේ දැඩි පරීක්ෂාවකට ලක්ව ඇත.

    ඒ අනූව, මෙම මත්පෙති තොගය සහ සැකකරු අද අත්අඩංගුවට ගෙන තිබේ. එය බෙල්ජියමේ සිට මෙ රට එවා ඇති අතර සැකකරු සහ මත්පෙති තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාරදී ඇත.

    Last modified on බදාදා, 10 ජූලි 2019 16:43

    Latest News