උඩවලවේ දඩයමේ ගිය 03කට වැඩ වරදී;ගිනිඅවිත් මාට්ටු

ජූලි 21, 2019

    උඩවලව ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    හම්ඹේගමුව සහ තනමල්විල යන ප්‍රදේශ ආශ්‍රිතව උඩවලව වනෝද්‍යානය තුළ සිදුකළ වැටලීම්වල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ බෙහෙත් කොටන තුවක්කු දෙකක් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකා සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.

     

    Last modified on ඉරිදා, 21 ජූලි 2019 14:58

    Latest News