පොලිස් කොමිසමේ ලේකම් සමන් - හිටපු අතිරේක ලේකම් දමයන්ති අත්අඩංගුවට ගැනීමට කරුණු ප්‍රමාණවත්... නීතිපති

ජූලි 17, 2019

    ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මියව අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් කරුණු ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති ලෙස කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

    මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති විසින් කරන ලද ඉල්ලීමකට අනූව මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකර ඇත. සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණ.

    සමන් දිසානායක මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මිට පෙර ලබාදී ඇති නීති උපදෙස් හා නිගමනයන් අනූව ද ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බව, නීතිපතිගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනෙවිය පවසයි. එමෙන්ම, දමන්ති ජයරත්නන අත්අඩංගුවට ගැනීමට අදාළ සියළු කරුණු නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා ඇතැයි, එම නිවේදනයේ සඳහන්. ඒ අනූව, ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුරක ඇති නඩුවට අනූව, සමන් දිසානායක මහතා හා දමයන්ති ජයරත්නව ලබන සිකුරාදාට (19) පෙර අත්අඩංගුවට ගෙන නීතිපති වෙත වාර්තා කරන ලෙස ද වැඩබලන පොලිස්පතිට උපදෙස් දී තිබේ.

    Last modified on බදාදා, 17 ජූලි 2019 16:52

    Latest News