අයිස් හා හෂීස් සමග සැකකරුට වැල්ලවත්තේ දී මාංචු

අගෝ 29, 2019

    වැල්ලවත්ත,රුද්‍රා මාවතේ දී අයිස් මත්ද්‍රව්‍ය 2.036kgක් හා හෂීස් 1.6kgක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී වැටලීම සිදුකළේ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින්. රාජා ගෝපාල් සිවනන්දන් නමැති 35 හැවිරිදි සැකකරු මෝදර පදිංචිකරුවෙක්. සැකකරු අද දින (26) ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2019 07:36

    Latest News