පාස්කු ප්‍රහාරයට 293ක් අත්අඩංගුවට; 115ක් රිමාන්ඩ්

සැප් 05, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    ඉන් 115 දෙනෙකු විමර්ශන අවසන් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, සෙසු සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන කරන බවයි. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයට අදාළව තුවාලකරුවන් 81 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන්කර ගෙන තිබේ. තවත් 07 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වී ඇත්තේ, ලබාදී ඇති ලිපිනයන් දෝෂ සහගතවීම හේතුවෙන්. ඔවුන්ට සහ මෙතෙක් ප්‍රකාශ ලබාදීමට නොහැකි වූ තුවාලකරුවන්ට 011-2392900 දුරකතන අංකයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයට තොරතුරු ලබාදිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 17:44

    Latest News