ඇඹුල්ගමදී වෙඩි තැබූ දෙදෙනෙක් අල්ලයි (වීඩියෝ)

සැප් 16, 2019

    හංවැල්ල, ඇඹුල්ගම මංසන්ධියේදී වෙඩි තැබීමට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අද අළුයම අත්අඩංගුටව ගෙන තිබේ. සිද්ධියට අදාළ යතුරු පැදියක් හා වෑන් රථයක් ද සොයාගෙන තිබේ.

    ඇඹුල්ගම මංසන්ධියේදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් මියගියේ මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයෙකුයි. ඔහු 23 හැවිරිදි රණාල ජල්තර ප්‍රදේශයේ පදිංචිව සිටි බෙලිහුල්ලගේ ගෙදර සුරේෂ් රුවන්ත ගුණසිංහ නොහොත් චූටි මල්ලි නමැති අපරාධ කල්ලි සාමාජිකයා බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

    තුවාල ලැබූ මෝටර් රථයේ සිටි අනෙක් පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අසළ වෙළෙඳසැළක සිටි පුද්ගලයෙකුද තුවාල ලබා අවිස්සාවේල්ල මුලික රෝහලට ඇතුළත් කර තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 20:12

    Latest News