බද්දේගම ප්‍රදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

සැප් 17, 2019

    බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩ පුද්ගල පහරදීමක් සම්බන්ධව වදුරඹ පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබේ.

    ඔහුට විරුද්ධව පසුගිය 12 වැනිදා පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධව හා ගිණි අවි පෙන්වා බිය වැද්දීමක් සම්බන්ධව වඳුරඹ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව ඔහු වඳුරඹ පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. නාරංගොඩ මහතා අද(17) බද්දේගම මහේස්ත්‍රාත්වරයා අහමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    අනුර නාරංගොඩ මහතා 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බද්දේගම ප්‍රාදේශීය සභාවට තේරී පත්විය.

    Latest News