කොට කලිසම් වාටියේ සඟවා බන්ධනාගාරයට කුඩු බෙදු කත මාට්ටු

දෙසැ 17, 2019

    ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳිවියකු බැලිම සදහා කොට කලිසමක වාටියේ දාරය තුළ  හෙරොයින් මත්කුඩු ග්‍රැම් 06ක් හා මිලිග්‍රැම් 550ක් සඟවාගෙන රැගෙන පැමිණි තිදරු මවක් ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් අල්ලා  ඊයේ  පස්වරුවේ දි (16) ගාල්ල පොලීසියට භාරදි තිබේ.

    බන්ධනාගාරගතව සිටින තම පුතු බැලිම සදහා මෙකි කාන්තාව  ඊයේ  පස්වරුවේ ගාල්ල බන්ධනාගාරයට පැමිණ ඇත. බන්ධනාගාර රැඳවියන් බැලිම සදහා පැමිණෙන අමුත්තන් පරික්ෂා කරන  ස්ථානයේ දි  ඇය පරික්ෂා කිරිමේ දි රැඳවියාට ලබාදිම සදහා රැගෙන එනු ලැබු කොටකලිසමේ වාටිය තුළ තිබු මෙකි මත්කුඩු  හමුවි ඇත.

    බන්ධනාගාරගතව සිටින තම පුතු බැලිම සදහා යන බව කි විට  අසල්වැසිඅයෙක් රැඳවියකුට ලබාදිම සදහා මෙම කලිසම ලබාදුන් බව ඇය පොලීසිය  ඉදිරියේ පාපොච්චාරණය කළ බව පොලීසිය පවසයි. කාන්තාව තෙල්වත්තේ පදිංචි 51හැවිරිදි අයෙකි. සැකකාර කාන්තාව අද (17) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 19:22

    Latest News