මත්ද්‍රව්‍ය පාර්සල් 6 ක් සොයා ගැනේ

ජූනි 29, 2024

    ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක සිදු කල සෝදිසි මෙහෙයුමක දී කොකේන් ,කුෂ් ,ගංජා අසුරන ලද පාර්සල් 6 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙම පාර්සල් කැනඩාව හා ඇමරිකාවේ සිට කොළඹ , කඩවත යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුන අතර පසුව සොයා බැලීමේදී ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර විය.

    විවෘත කරන ලද පාර්සල් තුළ cocaine නැමැති මත් ද්‍රව්‍ය 2030g හා kush නැමැති ගංජා විශේෂය 2177gක ප්‍රමාණයක් සොයාගෙන තිබෙන අතර මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 190 කට ආසන්න බව තහවුරු කරගෙන තිබෙන්නේ.

    මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතයි.

    Latest News