රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගැනුණා.

තලෙයිමන්නාරම මුහුදේ ඩව් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 92 ට අධික වටිනා හසීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයන් තිදෙනකු සමග අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඊයේ ( 02) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ ග්‍රෑම් 04 කට (තෙත බර සහිත) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකපිට පාර්සල් 9ක් පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලද පාර්සල්වල තිබී රුපියල් මිලියන 20ක මත්පෙති අත්අඩංගුවට ගෙන තිබේ. 

ශ්‍රී ලංකා දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,708 කට අධික බව නාවික හමුදාව පවසයි.

කැනඩාව, නෙදර්ලන්තය හා අමෙරිකාව යන රටවල්වලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවන ලද කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

හැටන්,ප්‍රදේශයේදී  හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් පස් දෙනෙකු ඊයේ (24) පස්වරුවේ  අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යාලයේ ප්‍රධාන සුරාබදු පරික්ෂක සේනක සිල්වා මහතා පවසයි. 

2021 වර්ෂයේදී පමණක් නාවික හමුදාව මෙරට මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ මෙහෙයුම්වලින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති නාවික හමුදාව පවසයි.

අද දින ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 126 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික මගියෙකු පරික්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයක් තුළ තිබී අයිස් හෙවත් (Methamphetamine) නැමැති මත්ද්‍රව්‍ය යැයි සැකකරන පාර්සල් දෙකක් කිරිපිටි අඩංගු පෙට්ටි වල සඟවා තිබියදී ශ්‍රී ලංකා රේගුවේ පැමිණීමේ පර්යන්තයේ සේවය කරන නිලධාරීන් විසිනි සොයා ගෙන තිබේ.

රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ පොලිස් ඒකකය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News