සිතුවම් නිර්මාණයට තින්ත ආලේප කළ බැම්මකට තින්ත ප්‍රහාරයක්

දෙසැ 17, 2019

    නොර්වුඩ් පොලිසිය අසල සිතුවම් නිර්මාණය කිරිමට තින්ත ආලේප කර තිබු ආරක්ෂිත බැම්මක කිසියම් පිරිසක් විසින් කලු තින්ත ආලේප කරයි.

    දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන නගර අලංකරණ වැඩසටහනට සමගාමිව හැටන් නොර්වුඩ් පොලිසිය අසල ආරක්ෂිත පැති බැම්මක සිතුවම් නිර්මාණය කිරිමට පෙර එම ප්‍රදේශයේ තරුණ තරුණියන් එක් වි සුදු තින්ත ආලේප කර තිබුණි.

    සුදු තින්ත ආලේප කර තිබු ආරක්ෂිත පැති බැම්මේ කිසියම් පිරිසක් විසින් (16) දින රාත්‍රි කලු පැහැති තින්ත ආලේපයකින් ප්‍රදේශයේ පාසලක නමක් ඇඳ තිබෙන බවයි නොර්වුඩ් ප්‍රදේශයේ තරුණ තරුණියන් කියා සිටින්නේ.

    සිතුවම් නිර්මාණය කිරිම සදහා සුදානම් කර තිබු එම ආරක්ෂිත බැම්ම තවත් පිරිසකට චිත්‍ර නිර්මාණය කිරිම සදහා වෙන් කර ගැනිමට හෝ එහි ඇදිම කඩාකප්පල් කිරිමට දැරු උත්සහයක් බවයි නොර්වුඩ් ප්‍රදේශාවාසින් කියා සිටින්නේ.

    Latest News