වෙරි වෙන්න කෝටි 88ක්

නොවැ 19, 2023

    විශේෂ සහ දුර්ලභ මධ්‍යසාර වලට ලොව ඇත්තේ විශේෂ ඉල්ලුමක්.

    එවැනි මධ්‍යසාර බෝතල් අලෙවි වන්නේ ඉතා විශාල මිළ ගනන් වලට.
    ලොව වැඩිම මුදලකට අලෙවි වූ මධ්‍යසාර බෝතලය ලෙස වාර්තාවක් තැබීමට Macallan 1926 single malt Scotch විස්කි බෝතලයක් ඊයේ සමත් උණා. මෙය පැරණි පමණක් විතරක් නෙමෙයි අතිශය දුර්ලභ වීමත් විශේෂත්වයක්.

    මෙම විස්කි බෝතලය නිපදවා ඇත්තේ 1986 වසරේදී. මෙම විස්කි වර්ගය වසර 60ක් අඳුරු ඔක් ෂෙරි පීප්ප වල පදම් කර තිබීම විශේෂත්වයක්. එනම් එම විස්කි පදම් කිරීම ආරම්භ කර ඇත්තේ 1926 වසරේ සිටයි. එනම් මේ වන විට මෙම විස්කි වලට අවුරුදු සියයකට ආසන්න වනවා.
    තවද කෙතරම් වටිනා වුවද මෙම බෝතල් වර්ගයෙන් නිපදවා ඇත්තේ බෝතල් 40ක් පමණක් වීම මෙම විස්කි බෝතලයේ මිළ තවත් ඉහළ යාමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    එසේම එම බෝතල් 40න් අලෙවි කර ඇත්තේද කොටසක් පමණයි. අනෙක්වා එම සමාගමේ ඉහළ පෙලේ ගනුදෙනුකරුවන්ට නොමිලයේ ලබාදී ඇති බවයි පැවසෙන්නේ. එංගලන්තයේ Sotheby's වෙන්දේසිකරුවන් විසින් වෙන්දේසි කල මෙය අලෙවි වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 2.7 මුදලකටයි. එනම් ශ්‍රී ලංකා මුදලින් කෝටි 88කටත් වැඩි මුදලකට. මෙම වර්ගයේ බෝතල් තවත් කොපමන ලොව ඉතිරි වී තිබේදැයි වාර්තා ලැබී නැහැ.
    2011 ජපානයේ සිදුවූ භූමි කම්පාවෙන් එක් බෝතලයක් විනාශ වී ඇති අතර තවත් එක් බෝතලයක් විවෘත කර පානය කළ බවටත් වාර්තා ලැබී තිබෙනවා. මෙම වර්ගයේ විස්කි බෝලයක් යනු සෑම විස්කි එකතු කරන්නෙකුගේම සිහිනයක් බවයි විශේෂඥයින් පවසන්නේ.

    වාර්තාව - ධනුශ්ක මැදවල

    Last modified on ඉරිදා, 19 නොවැම්බර් 2023 16:37

    Latest News