ගජමුතු විකුණූ සැකකරුවෙකු අත්අඩංගුවට

දෙසැ 15, 2019

    රු. ලක්ෂ 10ක්  පමණ වටිනා ගජමුතු නවයක් අලෙවි කිරිමට සුදානම් කර සිටි සැකකරුවෙකු පුඩලුඔය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු ඉකුත් 12 දින කොත්මලේ හෙල්බොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරු මේ මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

    මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පුඩලුඔය පොලිස් වසමට අයත් කොස්ගහපතන ප්‍රදේශයේ පදිංචි කේ.ජි.එස් චතුරංග නැමති යන අයයි.

    සැකකරු ගජමුතු අලෙවි කිරිමට සුදානම්ව සිටින බවට පුඩලුඔය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පුඩලුඔය පොලීසියේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වි සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි නිවසේ සඟවා තිබියදි ගජමුතු නවය සොයා ගැනිමට පොලීසිය සමත් වි ඇත.

    Last modified on ඉරිදා, 15 දෙසැම්බර් 2019 14:27

    Latest News