මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ ගිය 18කට මාංචු

දෙසැ 15, 2019

    විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි  තරුණයන් 18 දෙනෙකු  දියගල ප්‍රදේශයේදි  අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසියේ නිලධාරියකු පැවසීය.

    ඊයේ (14)  දින සවස් කාලයේදි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි හැටන් කොට්ඨාස  දුෂණ  මර්දන අංශයේ නිලධාරින් විසින් කරන ලද රථ වාහන පරික්ෂාවකදි කේරල ගංජා, හෙරොයින්, වැනි මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි  මෙම තරුණයන් 18 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පවසන ලදි.

    හැටන් පොලිස් අධිකාරි චුලනී වීරරත්න මහතාගේ උපදෙස් මත විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනා කිරිමට පැමිණෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිස් අධිකාරි බල ප්‍රදේශය පුරා මේ වනවිට විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසන ලදි.

    එම උපදෙස් අනුව හැටන් කොට්ඨාස  දුෂණ  මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක මධුශංක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් කරන ලද රථ වාහන පරික්ෂාවකදි මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පුද්ගලයන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද ඔහු තවදුරටත් පවසන ලදි.  

    Last modified on ඉරිදා, 15 දෙසැම්බර් 2019 14:34

    Latest News