කළුතර ආපනශාලා 23කට නඩු

නොවැ 26, 2019

    කළුතර නගරයේ සහ අවට ප්‍රදේශ රැසක ආපනශාලා, හෝටල්, වෙළඳසැල්, තොග අලෙවි ස්ථාන ඊයේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරිණ.

    ඒ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්. කළුතර නගරය, සෙන්ට්‍රල් හන්දිය, කටුකුරුන්ද යන ප්‍රදේශවල මෙම විශේෂ පරීක්ෂාකිරීම් ඊයේ දවස පුරා සිදු කෙරිණ. මෙහි දී පරීක්ෂා කෙරුණු ස්ථාන සංඛ්‍යාව 100කට ආසන්නයි.

    අපිරිසිදුව හා ප්‍රතිමියෙන් තොරව ආහාර අලෙවි කළ ස්ථාන හා සහල් ගබඩා කර තිබූ තොග අලෙවි සැල් මෙන්ම, කල් ඉකුත් වු ආහාර අලෙවි කළ සුපිරි වෙළෙඳසැල් ද, රසායනික ද්‍රව්‍ය යොදන භාජනවල පරිභෝජනයට ගන්නා ආහාර ඇසුරුම් කළ වෙළෙඳ ස්ථාන 23කට එරෙහිව සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගත්තේය. ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. මීට අමතරව වෙළෙඳ සැල් රැසකට දැඩි අවවාද නිකුත් කළේය. එළැඹෙන උත්සව සමය කේන්ද්‍රකර ගනිමින්. මෙම වැටලීම සඳහා කළුතර ජාතික විද්‍යායතනයේ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් 30 දෙනෙකු සහභාගී විය.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 09:56

    Latest News