එක්කෝටි හතළිස් ලක්ෂයක මත්කොළ රේගු අත්අඩංගුවට

දෙසැ 19, 2020

    රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක් පමණ වටිනා මත්ද්‍රව්‍ය ලෙස ජාත්‍යන්තර වශයෙන් භාවිත කරන වියලි කොළ තොගයක් කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

    නයිජීරියාවේ සිට ගුවන් තැපැල් පාර්සලයක් ලෙස කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත එවා තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ.

    මේවා එවා තිබුණේ මහනුවර - අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමකටයි. අදාළ හිමිකරු මෙම පාර්සලය භාර ගැනීමට පැමි‍ණීමේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය කොළ තොගය ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන් වෙත යොමුකර තිබිණ.

    එහිදී මෙම කොළ තොගය මත්ද්‍රව්‍ය බවට තහවුරු කරගෙන තිබේ.

    Latest News