ඉන්දියාවේ 'නිරීක්ෂක්' ත්‍රිකුණාමලයට

නොවැ 26, 2019

    ඉන්දියානු නාවික හමුදාවට අයත් නිරීක්ෂක් නෞකාව පුහුණු සංචාරයක් සඳහා ඊයේ ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

    එම නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව එහිදී පිළිගනු ලැබුයේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. ත්‍රිකුණාමලය වරායට පැමිණීමෙන් අනතුරුව, නිරීක්ෂක් නෞකාවේ අණදෙන නිලධාරී කර්මාන්ඩර් බී.කේ.ප්‍රසාන්ත්, නැගෙනහිර නාවික විධායනය භාර ආඥාධිපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා හමුවියි.

    එහිදී ඔවුන් අතර සුහද පිළිසඳරක් පැවැත්විණ. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණ. පුහුණු සංචාරය නිමා කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 3 වැනිදා නිරීක්ෂක නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතයි.

    3

    4

    5

    6

    8

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 09:43

    Latest News